කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි


ශ්‍රීපාද සමනල රක‍ෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රක‍ෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා රුපියල් හාරලක‍ෂ අසූපන්දහසක දඩ නියම කර, බරපතළ වැඩ සහිත මාස හයක සිර දඩුවම් නියම කර එම සිර දඩුවම දෙවසරකට අත්හිටැවීය.

දඩ නොගෙවන්නේ නම්  වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම විය.  වැරදිකරු වූයේ ගිනිගත්හේන අඹතලාව ඇල්ල උඩ නිශාන්ත කණ්ඩම්බි නම් පුද්ගලයකුය.

වන සත්ව හා වෘක‍ෂලතා ආඥාපනත අනුව ශ්‍රීපාද සමනල ස්වභාව රක‍ෂිතයේ ස්ථාන භාර නිලධාරී චමත් ලක‍ෂමන් පෙරේරා විසින් චෝදනා අටක් මත මෙම නඩු`වේ පැමිණිල්ල  ගොනුකර තිබිණි.

දිවාසැරි හූනන් අල්ලාගැනීම  වනසත්ව හා වෘක‍ෂලතා ආඥා පනත මගින් ආරක‍ෂිත    ස්නෙමස්පිස් විද්‍යාත්මක නාමය හඳුන්වන කුඩා ප්‍රමාණයේ හූනන් විශේෂය අල්ලාගැනීම, අරක‍ෂිත  සත්ව විශේෂයන් වන ලංකාස්කිනියුස් විද්‍යාත්මක නාමය සහිත කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලාග, වනසත්ව හා වෘක‍ෂලතා ආරක‍ෂණ ආඥා පනත මගින් රක‍ෂිත ඉටරොපිස් නම් විද්‍යාත්මක නාමයෙන් යුත් කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලා ගැනීම ද,  හඳුනා නොගත් උරග වර්ග විශේෂවල සත්වයන්ගේ ශරීර කොටස් ළග තබාගැනීමට ද ඔහු වැරදිකරු විය.

 මහ කැලෑ හූනකු , හිකනලූන් වර්ග දෙකක් සහ දිවා සැරි හූනන් හතර දෙනකු තවත් පර්යේෂණ භාණ්ඩද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමජිකයෙකු බව පවසමින් කණඩායම් පරයේෂණ සහායකයෙකු ලෙස සමනල ස්වභාව රක‍ෂිතයට පිවිසි සැකකරු පිළිබඳව එම සංගමය සාමජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශය ආචාර්ය මාධව මීගහකුඹුර මහතාගෙන් කළ විමසුමක් සිදුකළ බව සමනල රක‍ෂිතයේ ස්ථානභාර නිලධාරී චමත් ලක‍ෂමන් පෙරේරා අධිකරණයේදී කියාසිටියේය”