ලග්ගල ඇත්තිබුලාවල රජයේ රක්ෂිතයේ දැව ජාවරම් කරුවකුගේ සහයකයකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා කැපු ගස් පහළොවක් ද සමගින් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
විශාලව වැඩුණු මීගස් හා හල්මිල්ල මේ අතර තිබු බව පොලීසිය සදහන් කරයි.
පොලීසිය එද්දී පිරිසක් පැන ගිය බවද කියති.
ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි

