(සුජිත් හේවාජුලිගේ )
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගිවූහ.

