කැලණිය සභාපතිට ඇප


අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවකු බව කියන ව්‍යාපාරිකයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (28) නියෝග කළාය.

ඒ රණවීර මහතා මෝසමක් ගොනු කරමින් නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වීමෙන් අනතුරවය.

කැලණිය කදුරුකැටියේ පදිංචි ක්‍රිස්ටි රෝයි පෙරේරා ඉකුත් 23 වැනි දින කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියම කර තිබිණි.