කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමන ලද බව උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවයි. කිරිබත්ගොඩ සීවලී පාරේ පිහිටි පිරිමි නේවාසිකාගාරයකට එල්ලවූ මැර ප්‍රහාරයෙන් පසුව සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තිරණය ගත් බව මහාචාර්ය වරයා පවසයි. තුවාල ලැබූ සිසුන් හය දෙනෙක් රාගම සහ කිරිබත්ගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබති.