කැලණිය පන්සලේ දහසකට කිරි දානයක්


කිරි අම්මා වරුන් 1100 ක් උදෙසා වූ කිරි දානයක්  කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ ‘සියපත පදනම‘ මෙය සංවිධානය කළ අතර   රටටත්, ජනපතිටත්, සියලු ලක්වැසියන්ටත් සෙත් පැතීම එහි අරමුණ විය.

 මෙම අවස්ථාවට  සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුබුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ ද,   ජල සම්පාදන සහ ජලාප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

(ග.හෙ)