කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු පාගමන මීට ටික වේලාවකට පෙර ඔරුගොඩවත්ත හන්දියට ළඟා විය. සිසුහු දෙදෙහසක් පමණ ඊට එක්ව සිටිති.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු පොලිසියේ සියයක් එකසිය පනහක් පමණ කැලණි පාලම මතට එනතුරු සිසුන් සමග පැමිණි අතර පාලම මතදී සියලු පොලිස් නිලධාරීහූ නතර වූහ. සිසුහු දිගම පාගමනේ ගියහ.
කැලණි පාලම පසු කර ටික දුරක් යද්දී මහ වැස්සක් ඇද හැලුණු අතර සිසුහු තෙමෙමින් පෙළපාගියේ යති.
එක් මං තීරුවක භාගයක් පමණක් ගෙන සිසුන් පාගමනින් යන නිසා වාහන ගමණා ගමනයට වැඩි බාධාවක් නැත.