කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් 14ක්


කැලණිය විශ්ව විද්‍යාලයයේ අද පැවති විරෝධතාවට සිසුහු 500ක් පමණ සහභාගී වූහ. එහිදී  මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපති ජී කේ ගුණරත්න ‘එසැණට‘ සමග අදහස් දක්වමින් මෙසේ කීවේය.

‘අද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා. ඊට විරෝධය පෑම තමයි අපේ මේ උද්ඝෝෂණයේ ප්‍රධාන අරමුණ. විශේෂවේදී උපාධි ලබා ගැනීමට ගැටළු රැසක් තිබෙනවා. ඒවා ඉවත් කිරීම ඇතිළු ඉල්ලීම් 14ක් සහිත සංදේශයක් අද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට බාර දුන්නා. එම ඉල්ලීම් ඉටුනොවුනොත් අපේ දිගටම විරෝධතා කරනවා.‘  

පෙරදින (8) සවස්වරුවේද කැලණිය සරසවි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.