(ඉන්දිකා රාමනායක)
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 16 දෙනා අතරින් 12 දෙනෙකු අද (27) පස්වරුවේ පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බව කියන කැලණිය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හිමියන් ඇතුළු සිසුන් සිව් දෙනෙකු තවමත් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

