කැලණි ප්‍රා මන්ත්‍රී සේවකයකුට ගහයි


කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවකයකුට පහරදුන්නැයි සැකපිට ප්‍රා සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. ඔහු ප්‍රබල දේශපාලනඥයකුගේ හිටපු ලේකම්වරයකු බව කියති.

පහරකෑ සේවකයා කිරිබත්ගොඩ රෝහලෙන්  වැඩි දුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කැර ඇත.

(ග.හෙ)