කැලණි ප්‍රා කොමිසමට යළි වාරණයක්


කැලණිය ප්‍රාදේශීය සභාවේ සිදුවීයැයි කියන අකටයුතුකම් ගැන සෙවීම සහා බස්නාහිර මහ ඇමති විසින්   ඒක පුද්ගල කොමිසමක් පත් කිරීම තව දුරටත් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද වාරණයක් නිකුත් කළේය.

විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු ඩඩ්ලි කරුණාරත්න මහතාගේ පත්වීම ලබන ජූලි 25 වනිදා තෙක් අත්හිටුවන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා නියෝග කළේය.

මහඇමති ප්‍රසන්න රණතුංග මහතා ද්වේෂ සහගතව කැලණි ප්‍රාදේශීය සභාව විසිරවීමේ මුල් පියවරක් වශයෙන් මෙම කොමිසම පත් කර ඇතැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නියා සිටිති.