කැලණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට දේශන වලට සහභාගී වීමට ඉඩ නොදී නවක වදය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැන්වූ පසු තමනට තර්ජනය කළ බවත් කියමින් විශ්ව විද්‍යාලයේ සියලු ආචාර්යවරු නවක සිසුන්ට හැර අනෙක් සිසුන්ගේ සියලු දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරු කියති.
අද (14) දහවල් 12 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක අතර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහා ශිෂ්‍ය සංගමය පැවසුයේ තමන් නවක සිසුන් හඳුනා ගැනීමේ සුහද හමුවක් පමණක් සිදුකරන බවත් අමානුෂික ලෙස නවක වදය දීමක් සිදු නොකරන බවත්ය.
නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියා සිටියේ නවක සිසුන්ට දේශනවලට පවා සහභාගී වීමට ඉඩ නොදී අමානුෂික ලෙස නවක වදය ක්‍රියාත්මක කර ඇති බවයි.

