කැලණි ගඟේ වැලි ජාවාරමක්


(කේ බුද්ධික කුමාරසිරි)

විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ  කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ  අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී  වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

පොලිසිය ගඟට පැන වැටලීම සිදුකරන අවස්ථාවාදී වැලි ගොඩ දමමින් සිටි පිරිස ගඟට පැන පීනා පලා ගිය බවත් පොලිස් නිළදාරීන් සිය ජීවිත පරදුවට තබමින් අඩි තිහක් පමණ ගැඹුරු ගගේ පිහිනා ගොස් බෝට්ටු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවද පොලිසය පවසයි.

මෙලෙස පාතාල බලය යොදා ගනිමින් අනවසරයෙන් කැළණි ගගේ යකා බැම්ම ප්‍රදේශයේ දිගින් දිගටම වැලි ගොඩ දැමීම නිසාවෙන් එම ප්‍රදේශයේ දී ගඟ විශාල ලෙස ඉවුරු ඛාදනයට ලක්ව ඇති බවත් දිගින් දිගටම ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙලෙස හදිසි වැටලීමක් සිදුකළ බවත් පොලිසිය පවසයි.