කැලණි උද්ඝෝෂණයට උසාවියෙන් නියමයක්


විදේශ ශිෂ්‍යයන්ට මෙරට විශ්ව විද්‍යාල  ශිෂ්‍යත්ව පිරි නැමීම හා නේවාසිකාගාර අර්බුදය මුල්කරගෙන කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය බ්‍රහස්පතින්දා (5) පවත්වන්ට යන උද්ඝෝෂණය හා පාගමන කොළඹ නුවර මාර්ගයයේ ගමනාගමනයට බාධාවක් නොවන ලෙස, මහජන සාමය හා දේපොළට හානියක් නොවන ලෙස පවත්වන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශික විමලසිරි මෙනවිය උද්ඝෝෂණයේ සංවිධායකයනට අද නියෝග කළාය.

එම උද්ඝෝෂණය විශ්ව විද්‍යාල භූමියට සීමා කරන්නැයි කිරිබත්ගොඩ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රකාශ කළාය.

 මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරංජිත් බණ්ඩාර, ලේකම් බටදොල ධර්මාලංකාර හිමි සහ ආදි ශිෂ්‍යාවක් වන දිමුතු ආටිගල මේ උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයෝය.