ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පාදක උපාධි නිබන්ධන සඳහා වන 2014 වසරේ පීඨාධිපති සම්මානය ආචාර්ය උපමාලි අමරකෝන් දිනා ගත්තාය.
ඇය විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයීය වාණිජ පාසලේදී මෑතකදී සම්පූර්ණ කරන ලද ‘ද රෝල් ඔෆ් හියුමන් රිසෝර්ස් ඉනොවේෂන් ෆොර් ෆර්ම්ස් කොම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ්‘ නමැති ආචාර්ය උපාධි නිබන්ධනයට එසේ සම්මාන හිමිවී ඇති අතර ඇය කැලණිය විශ්ව විද්‍යාලයීය කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

