ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන 17 වැනි දකුණු ආසියානු කැරම් ශූරතාවලියට සහ පස්වැනි ආසියානු කැරම් ශූරතාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (සිකුරාදා) පිටත්ව ගියේය. මෙම කණ්ඩායම සාමාජිකයන් 9 දෙනෙකුගෙන් යුතු වන අතර ඊට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හය දෙනෙක් සහ නිලධාරීහු තිදෙනෙක් ඇතුළත්ව සිටිති.
ශී‍්‍ර ලංකා කණ්ඩායමට දකුණු ආසියානු ශූරතාවලියට සූදානම් වීම සඳහා ඇත්තේ ඉතා සීමිත කාලයක් පමණි. දකුණු ආසියානු තරගාවලිය මැයි 7 වැනිදා අවසන් වීමට නියමිතය. දෙදිනක විවේකයකින් පසුව මැයි 09 වැනිදා සිට 11 වැනිදා දක්වා 5 වැනි ආසියානු කැරම් ශූරතාවලිය පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ ජාතික කැරම් ශූරයා වන චමිල් කුරේ මෙන්ම ලෝක ශූර නිශාන්ත ප‍්‍රනාන්දු හා බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ තිදෙනා ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට ඇතුළත් වෙති.
කාන්තා කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ වත්මන් ජාතික ශූරී චලනි ලක්මාලි විසිනි. ඇයගේ කණ්ඩායමට පළපුරුදු කී‍්‍රඩිකාවන් වන යශිකා රාහුබද්ද සහ ජෝශප් රොෂිටා ඇතුළත් වෙති.
ලැංග්ලි මතායස් මහතා ජාතික පුහුණුකරු වශයෙන් මෙම සංචාරයට එක්වන අතර රෝහිණී මතායාස් මහත්මිය කී‍්‍රඩිකාවන් බාර නිලධාරිනිය ලෙස කටයුතු කරයි.