ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 26 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම මේ මස 28 වැනිදා අවසන් වන අතර කුසපත් ඇදීම මේ මස 29 වැනිදා පැවැත්වේ. තරගාවලිය ජූලි මස 13 වැනිදා පෙරවරු 9.00 සිට මහරගම පිහිටි කැරම් සම්මේලනය මූලස්ථානයේදී පැවැත්වේ.
පිරිමි කේවල, කාන්තා කේවළ, පිරිමි යුගළ, කාන්තා යුගළ, මිශ‍්‍ර යුගළ සහ වයස 40 ට වැඩි ප‍්‍රවීන කේවල යන ඉසව් මෙම තරගාවලියට ඇතුළත් වේ.
සියලූම අයැදුම්පත්, කමලා අබේවීර, භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, නො. 129/1, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට ඇයැදුම්පත් යොමු කළ යුතුය. වැඩි විස්තර 0774454323 සහ 0114962139 යන දුරකථනවලින් ලාබගත හැකිය.