කැරපොතු කඩේට බර දඩයක්


ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ ශ්‍රී ලාංකිකයකු (43) සතු වෙළඳසලක් වැටලු  ප්‍රාදේශීය පොලීසිය සහ සෞඛ්‍ය බලධාරයෝ එහි  කැරපොත්තන් විශාල ප්‍රමාණයක් සිටීම නිසාත් අපිරිසිදුකම නිසාත් කිලෝ පනහක පමණ ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශකර දැමීය.කඩ හිමියාට යුරෝ දහසක(රු.175000) දඩයක්ද නියම විය.