උපන්දිනය කියන්නේ සෑම දෙනාගෙම ජීවිතේ සුවිශේෂී දිනයක් ඒ සුවිශේෂී දිනය සමහරු ලොකු ලොකු උත්සව අරගෙන සමරනවා. තවත් සමහරු උපන්දිනය සමරන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපි හැමෝටම අපේ ජීවිතයේ අමතක නොවන එක් උපන්දිනයක් හෝ තියෙනවා. ජනප‍්‍රිය ගායන ශිල්පිනී නෙලූ අධිකාරිගේ ජීවිතයේ අමතක නොවන උපන්දිනය ගැන විමසන්න අපි ඇයට කතා කළා.
මම සාමාන්‍යයෙන් උපන්දිනවලට ලොකු දේවල් කරන කෙනෙක් නෙමෙයි. හැම උපන්දිනයක්ම කේක් හඳලා ලොකු උත්සව අරන් සමරන්නේ නැහැ. සමහර උපන්දිනවලට පවුලේ අයත් එක්ක එළියට යන අවස්ථා තියෙනවා. සමහර විට හිතුුණොත් කිසියම් කඩඉම් උපන්දිනයක් සමරනවා. මගේ එක උපන්දිනයකට මගේ පවුලේ අය එකතු වෙලා මට සප‍්‍රයිස් එකක් දුන්නා. ඒක මගේ ජීවිතේ මට අමතක නොවන උපන්දිනයක්.
නමුත් මට මතක නැහැ ඒ මගේ කීවෙනි උපන්දිනයද කියලා. නමුත් මගේ එක උපන්දිනයක දී විශේෂ දෙයක් වුණා. මම යාළුවෝ එක්ක එකතු වෙන්න ආසයි කියලා මගේ ගෙදර අය දන්නවා. මගේ සැමියා කපිලයි, ළමයිනුයි, අපේ ගෙදර කට්ටියයි ඔක්කොම එකතුවෙලා මගේ උපන්දිනය වෙනුවෙන් පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. එදා රෑ වෙනකොට කට්ටිය එක එක්කෙනා අපේ ගෙදරට එනවා. මගේ කැම්පස් එකේ පරණ යාළුවොයි, ඔක්කොම එදා පාටි එකට ඇවිල්ලා තිබුණා. එයාලා දන්නවා මම හැමදේකටම වඩා ඒකට කැමතියි කියලා. මගේ සියලූම යාළුවන්ට කියලා තිබුණා පාටි එක. ඒ හැමෝම එදා ඇවිල්ලා හිටියා. මගේ යාළුවෝ ඔක්කොම ආපු නිසා එදා මට ලොකු සතුටක් දැනුණා.
සඳුනි ඉමල්කා


