කැමරාව යළි බොදු බලේට හැරැවෙයි


 රිෂාඩ් බදුර්දීන් ඇමැති ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමි සඟවාගෙන සිටිතියි කියමින් කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ භික්ෂූන් හඳුනා ගැනීම සඳහා එම අමාත්‍යංශයේ සීසීටීවී කැමරා දර්ශන කොල්ලුපිටිය පොලිසියට  දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

අමාත්‍යංශයට අයුතු ලෙස ඇතුළු වූ භික්ෂූන් වහන්සේ පිරිසක් එහි කාමර පරීක්ෂා කළ බව කියමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.