කැමරන්ට හතරවටෙන් බැට


බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ශී‍්‍රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි‍්‍රතාන්‍යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි.

ශී‍්‍ර ලංකාව යනු බි‍්‍රතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ.

මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි‍්‍රතාන්‍යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි‍්‍රතාන්‍යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී‍්‍රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත.

අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රජයත් ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත.

30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි‍්‍රතාන්‍යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී‍්‍රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි‍්‍රතාන්‍යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි‍්‍රතාන්‍යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ