සෑම සතියකම අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම නිතිපතා මගහරින ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කෝපය පළ කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොකරන බවද කියති.
පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ දෙසට හැරුණු ජනපති නියෝගයක් කළේය.
ජනපති කියා සිටියේ සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සියලු ඇමැතිවරුන් සහභාගී විය යුතු බවයි. ඒ සඳහා ඔවුන් සෑම අඟහරුවාදාවකම පෙරවරු 9 සිට දහවල් 12 දක්වා කාලය වෙන්කර තබාගත යුතු බවද ජනපති සඳහන් කළේය.