කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ‍දෙදෙනෙක්


(ඩයනා උදයංගනී)


රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

 ඒ සඳහා ඊයේ (5) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.