කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ පිරිසක් හෙට (20) පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (19) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

එහිදී අදහස දක්වා ඇති ජනාධිපතිවරයා ඇමැතිධූර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ලැබී ඇති බවත් එහෙත් ඇමැති මණ්ඩලය 30කට වඩා වැඩි කළ නොහැකි බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතැළු එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.