යාපනය අරියාලෙයි පූංගකුලම් දුම්රිය ස්ථානය ආසන්නයේදී යුද හමුදා කැබ් රථයක් අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී දුම්රියේ ගැටී යුද හමුදා සාමාජිකයකු මියගොස් තවත් හමුදා සාමාජිකයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි යාපනය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අයියකච්චි යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබලකු බව පොලිසිය සඳහන් කරයි.
දුම්රියේ ගැටුණු යුද හමුදා කැබ්රථය මීටර 50 පමණ දුරට ඇදී ආ බව සිද්ධිය ඇසින්දුටු ප්‍රදේශවාසීහු පවසති.




