කැබ් රියේ ගැටුණු සිසුවා මරුට


(  සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චය පලෙයි ප්‍රදේශයේදී කැබ්රථයක් පාපැදියක ගැටී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පලෙයි පොලිසිය පවසයි.

නිවසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහා වෙළෙඳසැලකට ගමන් කරමින් සිට මාර්ගයේ එක්පසෙක සිට අනෙක් පසට ගමන් කිරීමට උත්සහා කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස අනතුරින් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ යාපනය,මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි රාජපාස්කරන් යකුසිකන් නමැති 13 හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

කැබ්රථයේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනවලදී ආනාවරණයවූ බවත් පැවසීය.

අනතුර සම්බන්ධයෙන් කැබ්රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.‍ෙ