කැප්පෙටිපොළ මලින් පිදේ


වර්ෂ 1818 ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන් කැප්පැටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනකු අධිරාජ්‍යවාදීන්ගේ දේශද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසු දේශප්‍රේමීන් වශයෙන් නම් කළ එම විරුවන් සමරා පුෂ්පෝපහාර දැක්වීමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස මහ මළුවේදී අද(10)පැවැත්විණි.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය මහමළුවේ පිහිටි කැප්පැටිපොළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවාය. 

2 3 7