
(රංජිත් රාජපක්ෂ)
කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය.
මවුස්සාකැලේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබුණි.
කැනියොන් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 60 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය.




