කැන්බරා නුවර වෙසක්


සම්බුදු තෙමඟුල සිහිකරනු වස්  ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර  ශ්‍රී ලංකා  බෞද්ධ විහාරස්ථානයේදී  18 වැනි වතාවටත්  වෙසක් උත්සවයක් සංවිධානය කරන ලදි.

විහාරාධිපති කොටපොල උපාලි හිමියන්ගේ  ප්‍රධාන මග පෙන්වීම  මත සංවිධානය කළ වෙසක්  අසිරිය කුලින් මෙවර  බැති ගී ගායනා, දේශිය නැටුම්,නාට්‍ය අනුසාරයෙන්  චුල සෙට්ටි ජාතක කතාව, වෙසක් පහන් කූඩුව මෙන්ම සම්බුද තෙමඟුල සිහි කරන දර්ශණිය තොරණ දැක බලා ගැනීමට  බොහෝ දෙනකුට අවස්ථාව  උදා කර ඇත.

 එම දහම්පාසල් ගුරු දෙමාපියන්ගේ  කැපවීමෙන්  සහ එම විහාරස්ථානයේ  සැදැහැවත් දායක දායිකාවන්ටෙග්  සහඪාගීත්වයෙන්  මෙය සාර්ථකව පැවැත්වීමට  හැක් වු බව  විහාරාධපති හිමියෝ පවසති.