කැන්බරා හින්දු කෝවිලට බුදු පිළිම වහන්සේ නමක්


ශ්‍රී ලංකාවේ වර්ධනය විය යුතු  වාර්ගික සමගියට අත්පොත තබමින් සාමයේ සැබෑ  අරුත පසක් කරමින්ද ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර  ෆ්ලොරි  හින්දු  කෝවිලට ගෞතම   බුදුරජාණන්වහන්සේගේ  ප්‍රමාතිමා වහන්සේ නමක් වැඩම කරනු ලැබුහ.

හින්දු කෝවිල්වල  ඉන්දියාවේ  විවිධ දෙවිවරුන්ගේ හා ආගමික  නායකයින්ගේ  පිළිම ඇතැත්  ගෞතම බුදුන්වහන්සේගේ  පිළිමයක් දකින්නට නොහැකි  බවත්  එය වඩාත් විශාල  අඩුවක්  බවද තේරුම් ගත්  හිටපු දක්ෂ ඉංජිනේරුවරයකු  මෙන්ම  බෞද්ධ විහාරස්ථානවල ස්වෙච්ඡාවෙන්  වැඩකටයුතු කර කර දෙන දෙමළ ජාතික කෙන් සිවා හෙවත් කනපති පිල්ලේ සිවපාලසුන්දරම් මහතා   තමන් දකින්නා වු අඩුපාඩු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංගමයේ සේන ඇතුගල  සභාපතිවරයාව දැනුම්වත් කළේය.

 ඕස්ට්‍රේලියාවේ   ශ්‍රී ලංකා තානාපති   තිසර සමරසිංහ ජාතික සමගිය  වෙනුවෙන්  කැපී පෙනෙන මෙහෙවරක නියුතු වන අතර මෙම පුජනීය  කටයුත්තේදී    ඔහුගේ  පූර්ණ  මැදිහත්වීමෙන්  යුක්තව සිංහල දෙමළ ජාතික සමගිය පෙරටත් වඩා වැඩිවේවා යන මානව හිතවාදී ගුණයෙන් මෙම කාර්යයට දායක වුහ.