ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැති 35 වැනි ‘කැනන් ද සේරම්’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 29-15 කින් ජය ලැබූහ.
සාන්ත තෝමස් විදුහල පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර ත‍්‍රිත්ව විදුහල අඛණ්ඩව පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-10 ක් ලෙස සාන්ත තෝමස් විදුහල පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝල 2 කින් සහ දඩුවම් පහර 5 කින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ නායක දේවින් ජයසිංහ ගෝල ප‍්‍රවර්ධන දෙකක් සහ දඩුවම් පහර 5 ක් සාර්ථක කරගැනීමට සමත් විය.
(ඡයාරූප : ශාන්ත රත්නායක)