
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ(19) විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
එහිදී පෙරේදා(18) කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.
දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත් එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.
ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කර ඇති මෙම පදනම් විරහිත චෝදනාව ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම චෝදනාව මෙහෙයවනු ලබන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවත් අලි සබ්රි මහතා අවධාරණය කර තිබේ.

