ඉන්දියාවේ හා මැදපෙරදිග සිට ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් සංක්‍රමනියන් හැට දෙනකු රැගෙන යෑමට ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු ඩොමිනික් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
යුරෝපයේ සිට හයිටි දක්වා රැගෙන යන සංක්‍රමණිකයන් එතැණින් ඩොමිනික් රාජ්‍යයට ගෙන යන බවත් එහි ප්‍රකාශකයෙක් කියයි.
කරුණානිධි නල්ලතම්බි (42) නම් කැනඩා ජාතිකයා මේ මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව ඩොමිනික් රාජ්‍යය කියයි.
සංක්‍රමණිකයන් ඩොමිනික් රාජ්‍යයට ගිය පසු නල්ලතම්බි ඔවුන් වෙනුවෙන් කැනඩා බලපත්‍ර ලබාගෙන පසුව වෙනස් කරන බවත් ඩොමිනික් රාජ්‍ය පවසයි.
මේ සංක්‍රමණිකයන්ගෙන් වැඩි දෙනා අපරාධ පසුබිමක් ඇති බවත්, ඔවුන් ඇමෙරිකාවට හා කැනඩාවට යෑමට පෙර දෙමාසයක් පමණ නල්ලතම්බිගේ නිවසේ සිටින බවත් කියති.
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් හිමි කොහුලන් සෙල්වරාසා හා ඩේවිට් ක්‍රිෂ්ටන් හා ශ්‍රිරාම් කන්නන් ජාවාරමේ සෙසු සාමාජිකයන් බව ද ඩොමිනික් රාජ්‍ය පවසයි. ඔවුන් දෙන්නා සතුව ඇත්තේ ව්‍යාජ කැනඩා ගමන් බලපත්‍ර බව ද කියති.