කැනඩාව හොර කොටියා පැන්නිම නවත්වයි


 

ව්‍යාජ  ගමන්  බලපත්‍රයකින්  බ්‍රිතාන්‍යය සිට  කැනඩාවට ගොස් සිටි  පුවනේෂන්  තුරේ රාජා නැමැති  කොටි  සාමාජිකයා  ශ්‍රි ලංකාවට  පිටුවහල්  කරන  ලෙස  කැනඩා  පුරවැසි හා ආගමන කාර්යාලය කළ ඉල්ලීමක්  කැනඩා අධිකරණය ඉවත  දැමිය. ඒ අනුව ඔහු ශ්‍රි ලංකාවට  නෙරපිම නරත කර  ඇත. කැනඩා  බලධරයන් ඔහු  පිටුවහල්  කිරිමට  තිරණය කළේ  ශ්‍රී ලංකාවේ සිටිය දී   ඔහු  කොටි   සංවිධානය  වෙනුවෙන්  බදු  එකතු  කළ නිසා යැයිද බලධරයෝ  අධිකරණයට  කිහ. ඔහු  ශ්‍රි  ලංකාවට   යැවිමෙන්   ඔහුට  ජිවිත තර්ජනයක්  නැතැයි ද ඔහු  සඳහන්  කළහ.

මෙම පුද්ගලයා මුලින්ම ශ්‍රි ලංකාවේ සිට ලන්ඩනයට  පැන ගොස් ඇතැයි  ද ඔහුගේ  සරණාගත ඉල්ලුම්  පත්‍රය එහිදි  ප්‍රතික්ෂේප කළ නිසා  ව්‍යාජ  ගමන්  බල පත්‍රයකින් කැනඩාව පැමිණ ඇතැයි ද අධිකරණයේ සඳහන්  විය.