කැනඩාව පොදුරඳ මඩුළු ආධාරත් කපයි?


 

හැටහතර වසරක් පැරැණි පොදු රාජ්‍ය  මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩා ආධාර කපා හරින බවට කැනඩා අගමැති  ස්ටීවන් හාපර් ඉන්දුනීසියාවේ බාලී දුපතේදී තර්ජනයක් කළේය.

ආසියා ෆැසිපික් ආර්ථීක සහයෝගිතා සමුළුවට සහභාගී වෙමින් ඔහු පැවසුයේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් නිසා තමා  නොවැම්බරයේ පැවැත්වෙන සමුළුවට ද සහභාගී නොවන බවයි.

හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපීමේ සිට අධිකරණයෙන් පරිබාහිර  ඝාතන,අතුරුදන්වීම් විරුද්ධ දේශපාලනඥයින් හා මාධ්‍යවේදීන්ගේ අතුරුදන් වීම් හා සිර ගෙට යැවීම් ආදීය තම තීරණයට බලපෑ බව ඔහු කියයි.