කැනඩා ජාතිකයාට වන්දි ගෙවන්නැයි නියෝග


ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් ඔහුට සුදුසු වන්දියක් ලබා දෙන ලෙස  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව  ශ්‍රී ලංකාවට නියෝග කර ඇතැයි කැනඩාවේ   ‘‘නැෂනල් පෝස්ට්’’ පුවත්පත වාර්තා කරයි.

රෝයි සමාදානම් මීට වසර තුනකට පෙර කළ පැමිණිල්ලේ විභාගය අවසන් කරමින් මෙම කමිටුව එම තීන්දුව ලබා දී ඇති අතර ඔහුට මෙම පැමිණිල්ල මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර නීතිය සඳහා වන කැනේඩියා  මධ්‍යස්ථානය සහාය දක්වා ඇත.

ශ්‍රී ලාංකික සරණාගතයෙකු වශයෙන් කැනඩාවේ සිටි මොහු 2007 වසරේදී සිය විවාහය සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස්  අත්අඩංගුවට පත්ව වද හිංසාවට පත් වී ඇතැයි කියති.