ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැතරින් රසල් මංගල සමරවීර විදේශ ඇමැති සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවේදී කැත්රීන් රසල් මහත්මිය මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡා කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතාද සහභාගි විය.

