සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ හය වැනි මහලේ මූල්‍ය හා ගිනුම් අංශයේ පිවිසුම් දොරක් 2012/10/26 වැනි දා කඩා අනර්ථයක් සිදු කළැයි සැකපිට ලබන 30 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස අමාත්‍යංශ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන ඩොන් පීටර් ජොහෑන් නානායක්කාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසි නිකුත් කළේය.
අපරාධ ස්ථානයෙන් ඇඟිලි සලකුණු තුනක් හමුවූ බවත්, එම සලකුණු තුනම සම්බන්ධීකරණ නිලධාරියාගේ ඇඟිලි සලකුණුවලට සමාන බවත්, ඔහුගේ ඇඟිලි සලකුණු මීට පෙර සිද්ධියක දී ලබාගෙන තිබූ නිසා ඒ බව තහවුරු වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
අපරාධ ස්ථානයේ තිබූ ඇඟිලි සලකුණු හා නිලධාරියාගේ ඇඟිලි සලකුණු සමාන නිසා අපරාධයට ඔහු සැකකරුන බව ද පොලිසිය කීවේය.
සිද්ධියෙන් වසරකට පමණ පසු 2013 ඔක්තෝබර 31 වැනි දා එම අංශය ගිනි ගැනීමට ලක් විය.

