කැඩුණු නිවාස හදන්නැයි නියෝගයක්


හෝමාගම ගැමුණු මාවතේ පදිංචිකරුවන් කලබලයට පත්කරමින් 19දා රාත්‍රී පිපිරීමෙන් කැඩී ගිය නිවාස ලබන 27 ට පෙර පිළිසකර කර දෙන ලෙස නියෝග කළ හෝමාගම මහේස්ත්‍රාත් විසින් වයි.ආර්.බී.නෙළුම්දෙණිය මහතා ගල්වළේ හිමිකරු සතරසිංහ ආරච්චිගේ දේවසිරි සහ සේවකයකු වන ලියනපතිරණගේ ධර්මදාස දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබූහ.

නිවාස පිළිසකර කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.