අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ජුනි 15 වැනි දා ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු යුද යමුදා ඉංජිනේරු බළකායේ සෙබළු දැන් අලුත්වැඩියා කරගෙන යති.
යුද, ගුවන් හා නාවික හමුදා සෙබළු 700කට වැඩි පිරිසක් ඉදිකිරීම් කටයුතු සඳහා දිනපතා වැඩ කරති.
ඇතැමෙක් බැමි බඳති. ඇතැමෙක් යාන්ත්‍රික පට්ටලයේ වඩු වැඩ කරති. වැලි හලති. බදාම අනති.උදේ අටට වැඩ අරඹා සවස හය පසුවන තුරු ඔවුහු වැඩ කරති.
ධර්ගා නගරයේ පතිරාජගොඩ හා මරික්කාර වීදියේ ඉදිකිරීම් මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ අධීක්ෂණයෙන් සිදු කැරෙයි.








