කැඩු ගොඩනැගිල්ල හදන තුරු බස් රථය දෙන්නේ නෑ


බණ්ඩාරගම  විදියගොඩ  රජමහා   විහාරයේ  රාත්‍රී කාලයට  ගාල්  කරන  බසයක් වැදී   කැඩී ගිය පෙර  පාසල්  ගොඩනැගිල්ලක්  පිළිසකර  කර    නොදුන්  බව  කියමින් මහා  සංඝරත්නය ද  මව්පියෝ ද    උද්ඝෝෂණයක්  ඇරබුහ.

මාසයකට   පමණ  පෙර   මෙම ගොඩනැගිල්ල කැඩීගිය බවත්  ඉන්පසුව ද රාත්‍රී කාලයේ  බස්  රථ පන්සලේ  ගාල්  කර   ඇත.

එසේ  ගාල්  කර ඇති  බස්රථයක්  අද  උදේ   ගෙන යාමට පැමිණි අවස්ථාවේ  දි   ඊට ඉඩ නොදි   මෙම  විරෝධතාවය  සංවිධානය  කෙරිණි.