
(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවලට අද 6 සවස 4.30ට පමණ පතිත වු ධාරානිපාත වර්ෂා සහිත කාලගුණික තත්වය හේතුවෙන් කෑගල්ල නගරය වැසි ජලයෙන් යටවු බව නගර වැසියන් පවසතී.
ගොලහැල මාවත කළුගල්ල සහ සිද්ධාර්ථ විහාරස්ථාන මාවත මෙලෙස කාණු පද්ධතිය අවහිර වී ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය.
මීපිටිය කරඩුපොන හරහා ගලා බසින කරඩුපොන ඇල උතුරා යාම නිසා කරඩුපොන ප්‍රදේශයේ වෙලදසැල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී අලාභා හානි සිදුව ඇත.
කෑගල්ල රඹුක්කන මාර්ගයේ රංදෙණිය සර්වෝදය අසල මාර්ගයේ අඩි 03ක් පමණ ජලය පිරි තිබු අතර රඹුක්කන කෑගල්ල මාර්ගයේ පැය භාගයක් පමණ ගමනාගමනට බාධා ඇතිවිය.
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් මීපිටිය ප්‍රදේශයේ කාණු පද්ධතියක ජලය මාර්ගයට පැමිණිමත් සමග කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.



