කැකිරාවේ කත වසර 13කට පසු ගෙදර


සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 13 ක් රැකියාව කරමින් සිට එම කාලය පුරාවටම වැටුප් හෝ නිවාඩු නොලබා සිටි කැකිරාවේ එම් එච් ධනවතිට ලැබිය යුතු හිග වැටුප් සහ ගුවන් ගමන් ගාස්තු ලෙස සෞදි රියාල් 62.000 (ලංකා රුපියල් ලක්ෂ දහඅටක් ) පමණ ලබා ගත බව රියාද් තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ පසුගිය සඳුදා නැගෙනහිර පළාතට ගොස් අදාළ හාම්පුතා මුණ ගැසීමෙන් අනතුරුව ලබාගත් මුදල් දැනට තානාපති කාර්යාල ගිණුමක තැන්පත් කර ඇති බවයි.

ඉදිරි දින කිහිපයේදී  ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාලය මගින්  ධනවතිගේ ගිණුමකට බැර කිරීමට කටයුතු යොදන බවත් ඔහු කියයි. 

ධනවති මහත්මිය ඉතා ඉක්මනින් ලංකාවට යැවීම සදහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් රොෂාන් මහතා සඳහන් කරයි 

DSC03848 DSC03852