පන්විල හාතලේ වතුයායේ පවුල් 20 ට අයත් ලයින් කාමරවල වෙසෙන ජනයා නව ඉඩම් වල නිවාස තනා ගැනීමට මුදල් නොමැතිව අපහසුතාවයට ලක්ව සිටිති.
මෙම ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වුයේ 2006 වසරේ සිටය. මෙම ජනයා වාසය කරන ලයින් කාමර ආසන්නයේ පිහිටි කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2008 වසරේදි දැනුම් දී ඇත.
2011 වසරේදී මහනුවර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මෙම ජනයාට එම ඉඩමෙන්ම ඉඩම් කැබලි ලබා දුන්නද පවුල් කිහිපයක් මිල මුදල් නොමැති කමින් තම ජීවිත අවදානමෙන් එම ස්ථානයේම නැවතී ඇත.
මොවුන්ගේ ජීවිත කොයි මොහොතේ හෝ අවදානමට ලක්වීමට ඉඩ ඇති බැවින් ඔවුනට ලබාදුන් ඉඩම්වල නිවාස තනා ගැනීමට රජයෙන් යම් මුදලක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

