කාසි නැතිව වතුරත් විදුලියත් දෙයි


පොලිස් තනිකඩ භට නිවාසයන්හි නැවතී රාජකාරි කරන්නවුන්ගේ මාසික ජල සහ විදුලි බිල ලබන ජනවාරි 1 වැනි දින සිට අය නොකිරීමට රජය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

මින් ඉදිරියට එම මුදල අය නොකරන බව මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.