සනත් ගමගේ
සංහිඳයාවේ හොඳම අවස්ථාව සිංහල හා දෙළ අළුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීමයි.එහෙත් නැකැත්වල වැරද්දක් ඇති බව නොයෙක් මත ප්‍රකාශ කෙරෙනවා.මේවා කොහෙන් එනවාද කාගේ වුවමනාවට කියනවාද යන්න රටේ දීර්ඝ කාලයක සිට මේ රටේ පැවැතගෙන එන චාරිත්‍ර වලට ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ දී කීය.මේවාත් වෙනසක් ඇති කරන්න ආණ්ඩුව ක්‍රියාකරන බවද රාජපක්ෂ මහතා කිය. තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවයක් (13) දින පැවැත්විණි. අවුරුදු තරඟ විවිධ නම් යටතේ නම් කර තැබිම විශේෂත්වයකි.කණා මුට්ටිය බිඳීම මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබිණි. බැලුන් පිපිරවීම ගූගල් වයිපයි බැලුන් ලෙස නම් කර තිබිණි. රත්තරන් අශ්වයාට ඇස තැබීම සිදුවිය. කඹ ඇඳීම ආණ්ඩුවේ පක්ෂ දෙක ලෙස නම් කර තිබිණි.පිටි මත කාසිය සෙවිම ලැම්බෝ ගිණි සෙවිම ලෙස නම් කර තිබිණි. තරඟ වලින් ජයග්‍රහණ ලැබූ තරඟ කරුවන්ට ලැම්බෝ ගිණි සෙල්ලම් කාර්. සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිම මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා සැඟවුනු අමුත්තා ලෙස නම් කර තිබිණි. හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රි වරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.





