කාලතුවක්කු හමුදාවට 125 යි


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ වලින් පිදුම් ලබයි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව අංග සම්පුර්ණ ඒකක දොළහකින් සමන්විතය.1918 දී ලංකා ස්වෙච්ඡා කාලතුවක්කු හමුදාව සහ නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාව ඒකාබද්ධ කරමින් ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු රෙජිමේන්තුව පිහිටුවන ලදි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 125 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 12 වන දිනට යෙදී ඇත . එහිදී වර්ණ ප්‍රදානය ජනපති අතින් සිදුකිරීමට නියමිතය.