අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළැඹීම නිසා බොහෝ පළාත්හි ද මුහුදු අවට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්හි ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ද මිලිමීටර සියය දක්වා වැසි ඇති විය හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.
සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින හෙයින් පරෙස්සමෙන් මුහුදු යන්නැයි ද එම මධ්‍යස්ථානය ඉල්ලයි.

