කාලගුණයේ පොඩි වෙනසක් හෙට සිට


පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනයේ සිට  අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අම්පාර, මඩකළපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇතැවිය හැකිය.

ඒ හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදි මීදුම් සහිත තත්වයක් පවතී.