කාලගුණය අනතුරු අඟවයි


ඉදිරි දින කිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසු තද වැසි ඇති වේ. වැසි සමග තද සුළං සහ අකුණු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බස්නාහිර සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ඇතැමි ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවේ.

නැගෙනහිර පළාත,මුලිතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති වේ.